සති ගණනක් වරායේ රස්තියාදු වූ නෞකාවල ඉන්ධන ගොඩබෑම ඇරඹෙයි

Date:

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක තොගයක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මීට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක තොගය ගොඩබෑමද ආරම්භ වී තිබේ.

දින දෙකකට පෙර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගය ගොඩබෑම ආරම්භ කර තිබූ අතර එම කටයුතු හෙට උදෑසන වනවිට අවසන්වීමට නියමිතය.

මෙරටට ඉන්ධන හා බොරතෙල් රැගෙන නෞකා දෙකක් සති තුනක් තිස්සේ සහ තවත් නෞකාවක් සති දෙකක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම් ලා තිබිණි. එම නෞකාවල තිබූ ඉන්ධන හා බොරතෙල් තොග ගොඩබෑම ප්‍රමාද වූයේ ගෙවීම් සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

මේ අතර තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ගොඩබෑම සඳහා සූදානම් බවත් අදාල ඩීසල් තොගය සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු ඉදිරියේදී සිදු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...