රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :
ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින්, ව්යාජ පුද්ගලයින් මගින් සිදුවන මූල්ය වංචාවක් පිළිබඳව මහජනතාව දැනුවත් කරයි.
දිවයින පුරා පවතින ඩෙංගු මර්දන වැඩසටහන් උපයෝගී කරගනිමින්, ඇතැම් පිරිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවෙස්වලින් සහ ව්යාපාරික ස්ථානවලින් අයුතු ලෙස මුදල් ලබාගන්නා බව සඳහන් වේ.
කිසිදු රජයේ සෞඛ්ය පරීක්ෂකවරයෙකු තම රාජකාරිය සඳහා මුදල් අය නොකරන බවත්, එවැනි ඉල්ලීම් සිදුකරන පුද්ගලයන්ට හසු නොවන ලෙසත් එම සංගමය දැඩිව අවධාරණය කරයි.
යම් අයෙකු මෙලෙස මුදල් ඉල්ලා සිටින්නේ නම්, වහාම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මෙමගින් අපේක්ෂා කරන්නේ නිලධාරීන්ගේ අනන්යතාවය අවභාවිත කරමින් සිදුවන මුදල් කොල්ලකෑම් වැළැක්වීමයි.


