පොහොට්ටු සභාපති ධුරයට රංජිත් බණ්ඩාරගේ නම යෝජනා වෙයි

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් නව සභාපතිවරයෙකු පත්කළ යුතු බවට යෝජනා වී තිබෙනවා. පක්ෂයේ කටයුතු සඳහා දිගින් දිගටම මැදිහත් වන පුද්ගලයෙකු සභාපතිරවයා ලෙස කටයුතු කළයුතු බවයි එම යෝජනාව ඉදිරිපත් කළ මැති ඇමතිවරුන් පවසා තිබෙන්නේ.

ඒ අනුව ජී.ඇල්. පීරිස් මහතා ඉවත් කර පුරප්පාඩුව සඳහා මහාචාර්යවරයෙකුම පත්කළ යුතු බවත්, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සුදුසු බවටත් යෝජනා වී තිබේ.

මේ අතර දැනට පුරප්පාඩු වී ඇති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයද ඔහුට ලබාදිය යුතු බවට යෝජනා කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා කටයුතු කළ අතර ඔහුද මේ වනවිට ජී.ඇල්. කණ්ඩායම සමග විපක්ෂයට එක්ව සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...