ඔක්තෝබර් 7 ලංකාවට තීරණාත්මකයි – ජිනීවා යෝජනාව ගැන ඡන්ද විමසීම

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් පසුගියදා මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරිණි.

මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා සඳහා මානව හිමිකම් කඩවීම් ප්‍රධාන වශයෙන් ඇතුළත් වූ අතර මෙවර මානව හිමිකම් කඩවීම්වලට අමතරව ආර්ථික අර්බුදයද ප්‍රධාන අංගයක් වී තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගතයුතු බවටද මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනා වී ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනටමත් රටවල් රැසක් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර පැවති පාලනය සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල වී තිබේ.

ඔක්තෝබර් 07 වැනිදා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. එය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 07 ඡන්දයේදී බහුතර රටවල්වල සහාය ලබා ගැනීම සඳහා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම දැනටමත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු රටවල සහයෝගයෙන් අදාල යෝජනාව පරාජය කළහැකි වනු ඇති බවයි නියෝජිත කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...