රැජිනට අවසන් ගෞරව දක්වන්න පෝලිම පැන්න පුද්ගලයෙක් අධිකරණයට

Date:

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම පසුගිය සිකුරාදා වාර්තා විය.

අදාල පුද්ගලයා පෝලිමෙන් පැන, වෙස්ට්මින්ස්ටර් ශාලාවට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී පොලීසියට හසු වී තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර ඒ මහජන සාමය කඩකිරීමේ චෝදනාව මතයි.

මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන්කර ඇති අවසන් දිනය අද වන අතර බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව විදෙස් ජාතිකයන්ද විශාල පිරිසක් තවමත් පෝලිම්වල රැඳී සිටී. මේ වනවිට දිගු පෝලිම් දක්නට ලැබෙන අතර රැජිනගේ දේහය තැන්පත් කර ඇති වෙස්මින්ස්ටර් ශාලාව වෙත පැමිණීම සඳහා අවම වශයෙන් පැය 15 ක් වත් පෝලිමේ රැඳී සිටීමට සිදුව ඇත.

රැජිනගේ අවසන් කටයුතු හෙට දිනයේදී පැවැත්වෙන අතර මේ වනවිටත් රාජ්‍ය නායකයන්, රාජකීය පවුල්වල සාමාජිකයන් සැළකිය යුතු ප්‍රමාණයක් එංගලන්තය වෙත පැමිණ සිටිනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ලන්ඩනය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...

හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක් සඳහන් කළේ නැහැ – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් සිදුකිරීම නරක හීනයක් දැක...

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...