ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:රජය, රාජ්ය රෝහල් පද්ධතිය තුළ කැත් රසායානාගර ජාලය පුළුල් කිරීමේ අරමුණ හෘද රෝගීන්, කැතීටකරණ ක්රියාවලිය සදහා රැදී සිටීමේ කාලය අවුරුද්දක සිට මාසය දක්වා අඩු කිරීම බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (02) දිනයේ දී කොළඹ ජාතික රෝහල ත-ුළ හෘද කැතීටකරණ රසායානාගාර දෙකක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව රාජ්ය රෝහල් පද්ධතිය තුළ ක්රියාත්මක වන කැත් රසායනාගාර සංඛ්යාව ඉදිරි වසර කිහිපය තුළ දහයේ සිට විසි හය දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
ඊට අමතරව, ජාතික රෝහල තුළ, මහල් දහසයකින් යුතු හෘද රෝග සදහා ප්රතිකාර කිරීමේ ඒකකයක් ඉදි කිරීමට නියමිත අතර, එය 2029 වසරේ සැප්තැම්බර් වන විට විවෘත කරන බවද අමාත්යවරයා සඳහන් කරයි.
වසරකට හෘදයාබාධ සහ වෙනත් හෘද වාහිනී ආබාධ ප්රමාණය 398,027කට වඩා හඳුනාගන්නා අතර සෞඛ්ය අමාත්යාංශයේ නිල ලේඛනගත හෘද රෝග හේතුවෙන් වාර්ෂික මරණ 16,840 ක් පමණ සිදුවන බව සඳහන්.


