ආයෝජන ප්‍රවර්ධනය ධම්මිකටද ? වජිරටද ?

Date:

මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යන ප්‍රබල ආයතන තුන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කෙරුණේ පසුගිය 16 වනදා ය.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගිනි.

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අතිශයින්ම වැදගත් අමාත්‍යාංශයක් වන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයෙකු මෙතෙක් පත්කර නැත. මේ වනවිට එම අමාත්‍ය ධුරය සඳහා මීට පෙර එම අමාත්‍ය ධුරය දැරූ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ නමත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ නමත් යෝජනා වී තිබේ.

මේ දෙදෙනා අතරින් වඩාත් විශ්වසනීය සහ වඩාත් කාර්යක්ෂම තැනැත්තාට එම අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...

බංගලාදේශයට එරෙහිව ලද පළමු පරාජයේ අමිහිර විසින් ශ්‍රී ලංකාව තෙවන තැනට ඇඳ දමයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල්...

ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : අලුතින් සිතන, නව...

කොළඹ අවටින් පිරිමි මෘත ශරීර තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : නාඳුනන පිරිමි මෘත...