ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග සහ පරිපාලනමය ගැටලු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ තම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී, විනිසුරුවරුන් ඉතා සීමිත කාලයක් තුළ දැඩි කැපවීමකින් යුතුව තීරණ ගන්නා බවත්, විශේෂයෙන්ම ඇප ලබාදීම වැනි සංවේදී කරුණුවලදී ඔවුන් පීඩනයකට ලක්වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දෙයි.

මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සිය විවේචනය එල්ල කරයි.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීමට පිළියමක් ලෙස නව යෝජනා ගෙන ඒමට පෙර, දැනට පුරප්පාඩුව පවතින විනිසුරු ධුර පිරවීමට පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා,

අද වෙනකම්ම මේ දිවයිනේ සමහර මහේස්ත්‍රාත්වරු සහ මහේස්ත්‍රාත්වරියන් ඉන්නවා ස්වකීය රාජකාරි කිරීම සඳහා දවසකට බෝල්පොයින්ට් පෑනක් ගෙවෙනකම් ලියන. කිලෝමීටර් 2.5ක්ද කොහෙද ඉරක් අඳින්න පුළුවන්ලු බෝල්පොයින්ට් පෑනක් ගෙවෙනකම් ඇන්දොත්. තමන්ට ගන්න තියෙන තීරණ අතුරින් වඩාත්ම සංවේදී තීරණයක් තමයි යම්කිසි සැකකරුවෙක්ට ඇප ප්‍රදානය කරනවාද, එසේ නැත්නම් ඔහු රක්ෂිත බන්ධනාගාරයට පත් කරනවාද නැද්ද කියන එක. ඉතින් මේක බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා, තමා සතු ඉතාමත් සීමිත වෙලාව තුළ නිවැරදිව ගත යුතු තීරණයක්. ඔවුන්ට ඒ වෙලාවේ ඔවුන්ගේ හිතට එන කරුණු, ඔවුන් හමුවේ තියෙන සැල කිරීම්, ඔවුන් හමුවේ තියෙන ලේඛනවලින් අනාවරණය වෙන කරුණු, ඒ සියලුම දේවල් ඉතාමත් ක්ෂණයකින් අධ්‍යයනය කරලා තමයි ඔවුන්ට තීරණයක් ගන්න සිදුවෙන්නේ. ඒ තීරණයට මහජනතාව හැටියට එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. මොකද මහජනතාවත් මේ දෙස බලන්නේ මේ ආකාරයේ කන්නාඩියකින් නෙවෙයි, කාචයක් විතරක් තියෙන කන්නාඩියකින් නෙවෙයි. ටින්ටඩ් ග්ලාස් එකකින්. ඒ නිසා ඉතා සැහැල්ලුවෙන් අපිව වරදවා වටහා ගන්න එපා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...