සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැස්පියන් මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන රජයට අයත් වාණිජ නෞකාවකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා එල්ල කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම ප්‍රහාරයෙන් නෞකාවේ සේවය කළ නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් නාවිකයෙකු තුවාල ලබා ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව ටෙහෙරානයේ සිටින යුක්රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශයට කැඳවා නිල විරෝධතාවක් භාරදී ඇති අතර ඉරානය මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස මෙය හදුන්වා ඇත.
ඉරාන රජය සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සහ වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර මෙම චෝදනා සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් මේ වනතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.
මෙම සිද්ධිය හේතුවෙන් දැනටමත් උණුසුම්ව පවතින ඉරාන–යුක්රේන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් අර්බුදකාරී විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ.

