Colombo Literary Festival – සාහිත්‍ය කලාවේ උත්කර්ෂයද? (PHOTOS)

කොළඹ LNW:ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හී පැවැත්වෙන Colombo Literary Festival 2026 සාහිත්‍ය, කලාව ඇතුළු මානව ශාස්ත්‍රවේදයන් පිළිබඳ සියුම් සංවාදයන් සමඟින් ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙයි.

වැඩිහියන්ට මෙන්ම දරුවන් වෙනුවෙන්ද වෙන්වූ කියවීමේ විචිත්‍රාංග ඇතුළු විවිධ අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලස්වා තිබීම මෙහි එන සුවිශේෂී කාරණයකි.

පසුගිය 24 වැනිදා සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ප්‍රසිද්ධ ඉන්දීය ලේඛකයෙක් සහ දේශපාලඥයෙක් වන ආචාර්ය ශෂී තරුර්ගේ ප්‍රධානත්වයෙන් මෙම Colombo Literary Festival ආරම්භ විය.

ආචාර්ය ශෂී තරුර්ගේ කෘතියක් වන RIOT කෘතිය අරගලය ලෙස සිංහලට පරිවර්තනය වූ කෘතිය එළිදැක්වීමද එම පරිශ්‍රයේදී ඔහුගේ සහභාගීත්වයෙන් සිදු වූ තවත් විශේෂ කාරණයකි.

ලේඛකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, අධ්‍යාපනඥයින් ඇතුළු බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් විවිධ මාතෘකා යටතේ සංවාද සංවිධානය කර තිබීමද මෙහි කැපී පෙනෙන තවත් අංගයකි.

පොත පත මිලදී ගැනීමට පමණක් නොව, සාහිත්‍ය, කලා සංවාද,අල්ලාප සල්ලාප, සංගීත වැඩසටහන් සමඟ සම්බන්ධ වීමටත් දිවයිනේ ප්‍රසිද්ධ ලේඛකයින් හමුවීමටත් මෙහිදී අවස්ථාව ලැබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...