ප්‍රබල ‘නූල්’ සුළි කුණාටුව චීනයට කඩා වැදීමත් සමඟ ලක්ෂ 7කට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ‘නූල්’ (Typhoon Noul) සුළි කුණාටුව හේතුවෙන් ගුවැන්ඩොං (Guangdong) පළාතේ පුද්ගලයින් 715,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.

සුලි කුණාටුවත් සමඟ හොංකොං සහ දකුණු චීනය පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර දුම්රිය සහ ප්‍රවාහන සේවා රැසකටද බාධා එල්ල වී ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, 2026 වසරේ චීනයට ගොඩබැසූ ප්‍රබලතම සුළි කුණාටුව නූල් බවයි. එය ඉරිදා අලුයම ගුවැන්ඩොං පළාතේ හුයිඩොං (Huidong) වෙරළ තීරයට ගොඩබැසීමත් සමඟ දැඩි සුළං සහ අධික වර්ෂාපතනයක් ඇතිවිය.

හොංකොං ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 350කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ අතර, සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත. කුණාටුව හේතුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ආවරණ (scaffolding) කඩා වැටීම සහ ගස් මුලින්ම උදුරා වැටීම වැනි සිදුවීම්ද වාර්තා වී තිබේ.

චීනයේ ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් ගුවැන්ඩොං, ෆුජියන් (Fujian), ජියැන්සි (Jiangxi) සහ හුනාන් (Hunan) ඇතුළු ප්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂාපතනය, හදිසි ගංවතුර සහ නායයෑම් අවදානමක පවතින බවට අනතුරු අඟවා තිබූ අතර පළාත් බලධාරීන්ට අවදානම් ප්‍රදේශ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.

කුණාටුව ගොඩබැසීමෙන් පසු එහි ශක්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත්, දකුණු චීනයේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළත් දැඩි වැසි සහ ගංවතුර අවදානම පවතින බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...