කාලගුණයේ රතු නිවේදනයක් – ධීවරයින්ට මුහුදු කලාපය තහනම් වෙයි!

කොළඹ LNW:තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වෙයි.

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන හෙයින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ

මේ අතර ත්‍රීකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50–60දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

තවද මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 -2.5ක් දක්වා පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම අනතුරු ඇඟවීම් නිවේදනයත් සමඟ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ වනවිටත් එම ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටින අයට ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම තහනම නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවත් ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...