යේමනයට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 153ක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පෙන්ටගනය හෙළි කරයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
2025 වසරේ යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කරමින් ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනයේ නවතම සමාලෝචනයකින් අනාවරණය වී තිබේ.

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කොංග්‍රසයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, තහවුරු කළ සියලුම සිවිල් ජීවිත හානි සිදුව ඇත්තේ 2025 අප්‍රේල් මාසයේදී යේමනයේ සිදු කළ ප්‍රහාර තුනකිනි. ඉන් දරුණුතම ප්‍රහාරය Ras Isa වරාය ආශ්‍රිතව සිදුව ඇති අතර එහිදී පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් තිබේ.

මෙම සංඛ්‍යාව 2024 වසරට සාපේක්ෂව දැඩි ඉහළ යාමක් වන අතර, එම වසරේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබූ බව පෙන්ටගනය සඳහන් කරයි.

එමෙන්ම තවත් සිදුවීම් 15ක් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව, මෙතෙක් හෙළි වී ඇති සිවිල් හානි සංඛ්‍යාව අවසන් සංඛ්‍යාව නොවිය හැකි බවටද අවධානය යොමුව තිබේ.

හූති කණ්ඩායම රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇමෙරිකාව යේමනයේ හූති ඉලක්කවලට එරෙහිව දැඩි හමුදා මෙහෙයුමක් ආරම්භ කළේය. එහෙත් නව පෙන්ටගන් වාර්තාවත් සමඟ එම මෙහෙයුම්වලදී සිවිල් ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳ දැඩි අවධානයක් යළිත් මතුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...