අහිමි කළ සමෘද්ධි පරිගණක සහකාරවරුන්ගේ රැකියා නැවත ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

සමෘද්ධි පරිගණක සහකාරවරුන් මේ වන විට 300කට ආසන්න ප්‍රමාණයක් සිය රැකියා අහිමි කිරීම නිසා අසරණ වී ඇති බවත් මෙය වසර ගණනාවක් පුරා සිදුවූ අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී රැකියා අහිමි වූ සමෘද්ධි පරිගණක සහකාරවරුන් සමඟ පැවැති සාකච්ඡාව අවසානයේදීය.

මේ අසාධාරනය නිවැරදි කිරීම වත්මන් රජයේ වගකීම සේම යුතුකම බවත් මොවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂා කර රැකියා අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කරන බවත් රජය මැදිහත්වීම මොවුන්ට හිමි පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...