මරණ දඬුවම සහ GSP+ සහනයෙහි අනාගතය…

රෂිකා හෙන්නායක අගෝස්තු 14 , කොළඹ LNW :

මරණ දඬුවම සහ GSP+: ශ්‍රී ලංකාව හමුවේ ඇති ආර්ථික හා මානුෂීය අර්බුදය

ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන්නේ අතිශය තීරණාත්මක ආර්ථික මංසන්ධියකය. මෙවන් පසුබිමක, මරණ දඬුවම නැවත හඳුන්වා දීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාව, මෙරට ආර්ථිකයේ ජීවනාලිය බඳු අපනයන ක්ෂේත්‍රයට පරස්පර විරෝධී බලපෑමක් එල්ල කළ හැකි කරුණකි. විශේෂයෙන්ම යුරෝපා සංගමය (EU) වැනි මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවන පාර්ශවයන් සමඟ පවතින වෙළඳ සබඳතා හමුවේ, මෙම තීරණය ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවදානමක් මතු කරයි.

ශ්‍රී ලංකාව තුළ 1976 වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 'de facto' හෙවත් ප්‍රායෝගික තහනමක්පවතී. කෙසේ වෙතත්, දඬුවම ක්‍රියාත්මක නොකළද අධිකරණය දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම යුරෝපා සංගමයේ දැඩි විවේචනයට ලක්ව ඇති කරුණකි. මෙය , ජාත්‍යන්තරය හමුවේ අපගේ මානුෂීය ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසනීයත්වය පළුදු කරන තීරණාත්මක සංඥාවකි.

යුරෝපා සංගමයේ 2023-2025 GSP+ සමාලෝචන වාර්තාව මෙම පරස්පරතාව මෙසේ ප්‍රශ්න කරයි…

“Has the Court continued handing down the death sentence, despite the de facto a moratorium on executions since 1976?”

(සිංහල පරිවර්තනය: 1976 සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික තහනමක් පැවතියද, අධිකරණය දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදු කරන්නේද?)

අදාළ වාර්තාවේ සඳහන් වන පරිදි 2025 වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් 817 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව අධිකරණ අමාත්‍යාංශය වාර්තා කර ඇත. දඬුවම ක්‍රියාත්මක නොවන පසුබිමක මෙතරම් පිරිසකට දඬුවම නියම වී තිබීම, යුරෝපා සංගමය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ පවතින්නේ මානුෂීය “සැක සහිත” තත්ත්වයකි.

GSP+ සහනය: ශ්‍රී ලංකාවේ ආර්ථික ජීවනාලිය

2005 වසරේදී හඳුන්වා දුන් GSP+ (Generalised System of Preferences Plus) යනු “අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල්” (vulnerable developing countries) සඳහා ලබා දෙන විශේෂ වෙළඳ වරප්‍රසාදයකි. මෙමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා යුරෝපා වෙළඳපොළට බදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලැබේ.

මෙම වරප්‍රසාදය භුක්ති විඳීමට නම් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුය.

යුරෝපා සංගමයේ දත්ත අනුව:

  • 2022 වසරේදී යුරෝ බිලියන 3.2ක් වූ සමස්ත ආනයන වටිනාකම, 2024 වන විට යුරෝ බිලියන 2.6ක් දක්වා පහත වැටී ඇත.
  • මෙය වාර්ෂිකව සිදුවන 8.4% ක සාමාන්‍ය අඩුවීමකි.
  • වඩාත් භයානක තත්ත්වය වන්නේ, 2024 වසරේ යුරෝපා සංගමයේ සමස්ත ආනයනවලින් ශ්‍රී ලංකාවේ දායකත්වය 0.11% ක් වැනි අතිශය සුළු අගයක් ගැනීමයි.

විශේෂයෙන්ම GSP+ යටතේ අපනයනය කරන භාණ්ඩවල වටිනාකම 2022 දී යුරෝ බිලියන 2.7 (ඇමරිකානු ඩොලර් බිලියන 3.1) සිට 2023 වන විට යුරෝ බිලියන 2.2 දක්වා පහත වැටී ඇති අතර, 2024 දී ද එය ප්‍රකෘතිමත් නොවී එම මට්ටමේම පැවතිණි. මෙයින් පැහැදිලි වන්නේ අපගේ ප්‍රධානතම වෙළඳ සහනය මත පවතින නිෂ්පාදන දැනටමත් පීඩනයකට ලක්ව ඇති බවයි.

GSP+ සඳහා වන නව නියාමනයන් ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, එය රජයට විශාල පීඩනයක් එල්ල කරන “පීඩන උඳුනක්” බඳුය. සංශෝධිත නිර්ණායක යටතේ නැවත සුදුසුකම් ලැබීමට 2028 දෙසැම්බර් 31 දක්වා අවස්ථාව ඇතත්, මරණ දඬුවම වැනි මානව හිමිකම් සම්බන්ධ කරුණු පිළිබඳ රජය ගන්නා ඕනෑම තීරණයක් මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලියට සෘජුවම බලපානු ඇත. අපට 2028 දක්වා කාලය තිබුණද, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සහ විශ්වාසය තහවුරු කිරීම වහාම ආරම්භ කළ යුත්තකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...