ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් අද දිනයේදී මෙරටට…

රෂිකා හෙන්නායක අගෝස්තු 14 , කොළඹ LNW :

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතය.

මොහු මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් පස්දෙනාගෙන් අයෙකු වන අතර, ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකි.

ඩුබායි පොලිසිය විසින් මොහුව පිටුවහල් කිරීමට තීරණය කළේ ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ විශේෂ ඉල්ලීමකට අනුව වන අතර, ඔහු එරට ධනවතෙකු ලෙස වෙස්වලාගෙන සැඟව සිට ඇත.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිය ජාවාරම පුළුල් ලෙස ව්‍යාප්ත කර තිබූ මොහු, වෙලේ සුදාට පසුව සිටින ප්‍රබලතම ජාවාරම්කරු ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

මෙම මෙහෙයුම මෙරට මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගත් තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...