සැප්තැම්බර් 12 ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමිවීමේ දැඩි අවදානමක් ??

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP+ බදු සහනය 2026 සැප්තැම්බර් 12 වනදා වනවිට අහිමිවීමේ දැඩි අවදානමක් උද්ගතවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

තවමත් ශ්‍රී ලංකාවේ අදාළ අංශ මෙම බදු සහනය ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත් සම්පූර්ණයෙන් යොමුකර නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ සඳහා අයදුම් කළ ද ශ්‍රී ලංකාවේ මේ වනවිට උද්ගත වී ඇති ඇතැම් තත්වයන් යුරෝපා සංගමය විසින් GSP+ සහනය ලබාදීම සඳහා සලකා බලන පිරිවිතරයන්ට අනුකූල නොවීම තුළ බරපතළ ගැටලු මතුවීමට නියමිත බවත් වාර්තා විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වනවිට සිදුවෙමින් පවතින වෙනස්කම් යුරෝපා සංගමයේ දැඩි අවධානයට ලක්වීමට නියමිත ය. එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව හදිසියේ වැඩිකිරීමට රජය කටයුතු කිරීම ප්‍රශ්න සහගත වනු ඇති බවත් සඳහන්.

පූජිත් – හේමසිරි නඩු තීන්දුව

එමෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූ‍ජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණීය දණ්ඩනය නියම කිරීම යුරෝපා සංගමය සලකා බලන “සාධාරණ නඩු විභාගයක් සඳහා අවකාශය ලබාදීමේ” සාධකයට පිටින් යන්නක් වශයෙන් සැලකෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එම නඩුව නැවත විභාගයට ගැනීමට තීන්දුවක් ලබාදී තිබියදී, එහි පාර්ශ්වීය සාක්ෂිකරුවකු වන, පාස්කු ප්‍රහාරයටම අදාළව මිලියන 75ක වන්දියක් ද ගෙවීමට නියම වී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය පමණක් කැඳවා ඒ ඔස්සේ පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට මරණීය දණ්ඩනය නියම කිරීම යුරෝපා සංගමය අනුයන නඩු විභාග ක්‍රියාවලියට පටහැණි එකක් වශයෙන් දැඩි ලෙස සලකා බැලෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...