ශිරාන් බාසික්ට රැඳවුම් නියෝග! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයු ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් කෙනෙක් ලෙස සැලකෙන මෙම සැකකරුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබුණි.

සැකකරු ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සැකකරු මේ වන විට පැය 72 ක රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති බවයි.

ශිරාන් බාසික් නැමැත්තා මෙරට දී සිදුකළ සංවිධානාත්මක අපරාධ, ගිනිඅවි ළග තබා ගැනීම් සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සෙසු පිරිස් සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක අතර ඩුබායි රාජ්‍යයේ ධනවතෙකු ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක් පුරා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබේ.

48 හැවිරිදි ඔහු දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. අනතුරුව 2028 වසරේදී ඔහු ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබුණි.

පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඩුබායිහි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ ගුවන් යානයෙන් ඔහු සහ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද ඊයේ (14) රාත්‍රියේ මෙරටට රැගෙන එන ලදී.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ,හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීම, නීති විරෝධි වත්කම් ඉපැයීම, ගිනි අවි සන්තයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙකු වීම සහ හානියක් සිදුකිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාය.

වෙලේ සුදා නැමැත්තා අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ දෙවන ප්‍රබලතම ජාවාරම්කරු ලෙසයි ශිරාන් බාසික් හැදින්වෙන අතර ඔහු ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සමීප සබඳතා පවත්වමින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගේනවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...