ඇමති විජේපාල බන්ධනාගාර නිරීක්‍ෂණ චාරිකාවක…

රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා මීගමුව බන්ධනාගාරයේත්, මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේත්, හා වාරියපොල බන්ධනාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විශේෂයෙන්ම පසුගියදා ජනාධිපති අනුර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ද අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතාගේත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන්ගේද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් යුතුව සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී බන්ධනාගාරවල තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රාශියක් ගන්නා ලදී. ඒ අනුව බන්ධනාගාර නිරීක්ෂණය කොට පවත්නා ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ගැනීමට තීරණය කරන ලදී.

ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා 2026/08/15 වන අද දින බන්ධනාගාරවල නිරීක්‍ෂණ කටයුතු සිදු කරනලදී.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේත්, මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේත් හා වාරියපොළ බන්ධනාගාරයේත් සිටින රැඳවියන්ගේ අඩුපාඩු සොයා බලන ලදී. විශේෂයෙන්ම ඉඩ පහසුකම් පිළිබඳ ගැටලු විසඳීම සම්බන්ධයෙන්ද සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳවද බන්ධනාගාර රෝහලේ පහසුකම් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා නිරීක්ෂණය කරන ලදී

විශේෂයෙන්ම සියලුම රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...