බණ්ඩාරවෙල මූලික රෝහලේ රුපියල් මිලියන 240ක සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබේ

රෂිකා හෙන්නායක අගෝස්තු 16,කොළඹ LNW :

බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (16) ඌව පළාත් ආණ්ඩුකාර, නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 240කි.

දිගුකාලීන අවශ්‍යතාවයක් සපයමින් රුපියල් මිලියන 103ක පිරිවැයකින් විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට නියමිත අතර, පසුගිය වසරේදී බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස ශ්‍රේණිගත කිරීමෙන් පසු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය උදෙසා රුපියල් මිලියන 136ක ප්‍රතිපාදන යටතේ ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කරන ලදී.

පසුගිය කාලසීමාව තුළ ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සජිත් මිහිර බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, ඌව පළාත් සෞඛ්‍ය ලේකම්තුමන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...