විදෙස්ගතව සැගව සිටින අපරාධකරුවන් 74ක් මෙරටට ගෙන ඒමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:දැඩි අපරාධවලට සම්බන්ධව විදෙස් ගත සැගවී සිටින රතු වරෙන්තු සහිත අපරාධකරුවන් හැත්තෑ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

එමෙන්ම තවත් සියයක පමණ සැකකරුවන් පිරිසක් විදෙස්ගතව සැඟව සිටින බවට විශ්වාස කරන බව ද ඒ මහතා පැවසුවේය.

ඉතාමත්ම ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා, සිදු කරන විමර්ශනවල විනිවිද භාවය සහ ඉටු කරගන්නා ලද ප්‍රගතිය අනුව මෙම කටයුතු ඉතාමත්ම කෙටි කාලයක් තුළදී සිදු කළ හැකි යැයි ඒ මහතා පැවසුවේය.

ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳව සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්ව වල මහානායක හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මේ බව කීවේය.

මල්වතු මහා විහාරයට පැමිණි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡාවෙහි නිරත වූහ. අස්ගිරි මහා විහාරයට පැමිණි පොලිස්පතිවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවක නිරත වූහ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යෙය්දී සැලසුම් සහගතව වැඩි නිලධාරීන් පිරිසක් යොදවා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලු ආරක්ෂාක අංශවල සහයෝගය මත උපරිම ආරක්ෂාවක් ලබා දෙන බව පොලිස්පතිවරයා කීවේය.

ඉකුත් වසර වලට වඩා මෙම වර්ෂයේදී වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් ඇසළ පෙරහැර රාජකාරිය සඳහා යොදවන බවත් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම නිලධාරීන් රාජකාරියෙහි නිරත වන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සිදු කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම ඉතාමත්ම සාර්ථක බවට විදෙස් තානාපති කාර්යාලවලින් පැසසුම් ලැබී ඇතැයි කී පොලිස්පතිවරයා එම කාර්යාලවල සහයෝගය ද ලබාගෙන සැකකරුවන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගන්නා බව සඳහන්.

ශ්‍රී ලංකා පොලිසියේ උසස් වීම් සහ නව බඳවා ගැනීම් සිදුකරන බවත් ඉදිරි සැප්තැම්බර් මස 03 වන දින වන විට ජ්‍යෙෂ්ඨතාවය මත පොලිස් නිලධාරීන් 1500 දෙනෙකුට උසස්වීම් හිමිවන බව පැවසුවේය. කුසලතාවය සහ තරගකාරී විභාගය මත උසස් වීම් ලබාදීම ඉදිරියේදී සිදු කරන බවත් ඊට අමතරව නවක බදවා ගැනීම් 10 000ක් සඳහා අනුමැතිය හිමිවී ඇති බවද පොලිස්පති ම ප්‍රියන්ත වීරසූරිය මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...