ශිරාන් බාසික්ගේ මූල්‍ය ජාලය සහ දේශපාලන සබඳතා විමර්ශනයට අධිකරණයෙන් නියෝගයක්.

රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන වළට අදාළව, සැකකරු දැනට දින 90ක රැඳවුම් භාරයේ පසුවන අතර, ඔහු සතු සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය විසින් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට නියෝග කර ඇත.

මොහු විසින් විපක්ෂ දේශපාලනඥයෙකුට ලබා දුන් බව කියන මුදල් පිළිබඳව මෙන්ම කොළඹ මුහුදු මාවතේ පිහිටි ඔහුට අයත් යැයි සැකකෙරෙන හෝටල් පහක් සම්බන්ධයෙන් ද පොලිසිය මේ වන විට කරුණු අනාවරණය කරගෙන තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මොහුගේ දේපළ සහ ආදායම් මාර්ග පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පරීක්ෂණ මගින් ඔහුගේ සංවිධානාත්මක අපරාධ ජාලය සහ ඊට සම්බන්ධ ප්‍රබල පුද්ගලයින් පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...