වැරදි බොරතෙල් වර්ගය ගෙන්නලා. දැන් ඒ ප්‍රශ්නයේ වියදමත් ජනතාවගේ කරපිට – PUCSL

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සාමාන්‍යයෙන් ගෙන්වන බොරතෙල් වර්ගය වෙනුවට වැරදි බොරතෙල් වර්ගය මෙරටට ආනයනය කිරීම නිසා එයින් නිෂ්පාදනය කෙරෙන දැවිතෙල් ඇතැම් තාප බලාගාරවලට භාවිතා කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

“මේ වැරදි බොරතෙල් වර්ගය ගෙනල්ලා, ඒකෙන් නිපදනවලා තියෙන දැවිතෙල් එක අපට බලාගාරවල පාවිච්චි කරන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා. වෙස්ට් කෝස්ට් බලාගාරය දැනට දුවන්නෙ නෑ, මොකද ඒ තියෙන දැවිතෙල් එකේ සල්ෆර් ප්‍රමාණය වැඩි නිසා, 3%ක් නිසා. සෝජිට්ස් බලාගාරයත් දැනට අක්‍රිය තත්වයේ තියෙන්නෙ. මෙයින් මෙගාවොට් 130ක විතර ධාරිතාවක් අපට නැතිවෙලා තියෙනවා. තත්වයෙන් බාල දැවිතෙල් පාවිච්චි කරන්න පුළුවන් බලාගාර තියෙනවා, ඒ සඳහා ඒවා බෙදාහැරීම් කරනවා ඇති. මේක පරිසරයට එච්චර හොඳ නෑ. සල්ෆර් ප්‍රමාණය වැඩිවුණාම පරිසරය දූෂණය වෙනවා. ඒ සඳහා අපි අවසර දෙන්නෙත් නෑ, මං හිතන්නෙ පරිසර අධිකාරියෙන් අවසර දෙන්නෙත් නැතිවෙයි. වැඩි අගයක් දෙන ඩීසල් ප්‍රමාණයක් මේකට කලවම් කිරීමෙන් සල්ෆර් ප්‍රමාණය අඩුකරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ඒකෙන් වෙන්නෙ අපි අර රුපියල් 320ට ගත්ත දැවිතෙල්වල මිල දැන් රුපියල් 385ක් වෙලා තියෙනවා. ඒකෙන් අන්තිමට වෙන්නේ මහජනතාවට, පාරිභෝගිකයාට මේ විදයමත් දරාගැනීමට සිදුවෙලා තියෙනවා මේ වෙනකොට”

ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැරදි බොරතෙල් වර්ගය මෙරටට ගෙන්වීම නිසා බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලුවක් උද්ගතව ඇති බවත් ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත් වීමෙන් මෙය සිදුව ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අපි මීට සති දෙකකට පෙරදීම මුල්වරට අනාවරණය කළෙමු.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...