ඔක්තෝබරෙන් පස්සේ සුනාමියක් වගේ මහා කැරැල්ලක් ඇතිවෙනවා – හිරුණිකා (VIDEO)

ඔක්තෝබර් මාසයේ අවසානයෙන් පසු මෙරට තුළ දැවැන්ත කැරැල්ලක් ආරම්භ වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“ඉදිරියේදී සුනාමියක් වගේ මහා කැරැල්ලක් මේ රට ඇතුළේ ඇතිවෙනවා ඔක්තෝබර් අන්තිමෙන් පස්සේ. ඒක ඔය කියන කිසිම ගැසට් එක්කට නවත්තන්න බැරිවෙනවා. ඔක්තෝබර් වලින් පස්සේ එළියට බහින්නේ අන්ත දුප්පත් මනුස්සයා. ඒ මනුස්සයා එළියට බහින්නේ දෙකෙන් එකක් බේරාගන්න. ඒ කියන්නෙ ගෙදර ඉන්න අහිංසක දරුවා බඩගින්නට අඬනකොට ගෙදර ඉන්න තාත්තාට නිකම් ඉන්න බෑ. එතකොට ඒ මනුස්සයා දෙනෙක් එකක් බේරාගන්නවා කියලා හිතාගෙන එළියට බහින්නෙ. එහෙම එළියට බහින මිනිස්සු එක්ක රනිල් රාජපක්ෂට හැප්පෙන්න හම්බෙන්නෙ නෑ මොන දේ කළත්. මුළු දේශපාලන ක්‍රමයම වෙනස් වෙනවා. ඒ කියන්නෙ පක්ෂ විපක්ෂ හැම කෙනාටම ඉදිරියේදී මේ රට අනිත් පැත්ත පෙරළෙනවා”

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (29) තලංගම ප්‍රදේශයේ පැවති පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු කොළඹදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : චීනයේ සංවිධානාත්මක අපරාධ...

වනජීවී සංරක්ෂණය වෙනුවෙන් තවත් වැදගත් පියවරක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නාකලගනේ රාජමහා...

රිමාන්ඩ් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරට විශේෂ ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...

අයිස් සහ කුෂ් (Kush) සමඟ අම්බලන්ගොඩ ධීවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඇල්පිටිය කොට්ඨාස දූෂණ...