සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 11: යේමනයේ ඓතිහාසික වරාය නගරයක් වන මෝකා (Mocha) හවුති කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බවට වාර්තා පළවීමත් සමඟ රතු මුහුද ආශ්රිත කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.
මෝකා වරාය පිහිටා ඇත්තේ රතු මුහුදේ ප්රධාන නාවික මාර්ගයකට ආසන්නව වන අතර, එම ප්රදේශය ලෝකයේ වැදගත්ම භාණ්ඩ හා බලශක්ති ප්රවාහන මාර්ගයක් ලෙස සැලකේ. ඒ අනුව, මෝකා වැනි උපායමාර්ගික වරායක් පාලනය කිරීම මගින් රතු මුහුද හරහා ගමන් කරන නෞකා සහ සැපයුම් මාර්ගවලට බලපෑම් ඇති කිරීමේ හැකියාව ඉහළ යා හැකි බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,
ඒ අනුව මෙම ගැටුම යේමනයේ අභ්යන්තර ගැටුමට පමණක් සීමා නොවී රතු මුහුදේ ජාත්යන්තර නාවික ආරක්ෂාව, ලෝක වෙළෙඳාම සහ බලශක්ති සැපයුම සම්බන්ධයෙන්ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සිදුවීමක් වනු ඇති අතර මෙම කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් පිරිහුණහොත් ආසියාව, යුරෝපය සහ මැදපෙරදිග අතර භාණ්ඩ ප්රවාහනයට බාධා ඇති වීමේ අවදානමක් පවතී.

