රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :
පවතින ‘එල් නිනෝ’ සංසිද්ධිය ඉතා ප්රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය.
ඉදිරි මාස තුන තුළ මෙම සංසිද්ධිය ඉතා ප්රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ඔහු සඳහන් කළේය.
පසුගිය මාසයේ සෙල්සියස් අංශක 1.4ක පමණ අගයක් ගත් නැගෙනහිර පැසිෆික් කලාපයේ උෂ්ණත්වය, මේ වන විට සෙල්සියස් අංශක 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
1950 වසරේ සිට පවතින වාර්තා සමඟ සන්සන්දනය කරමින් වත්මන් උෂ්ණත්ව මට්ටම් පිළිබඳව ඇගයීමක් සිදු කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී මෙම සංසිද්ධිය ඉතා ප්රබල තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.


