“එක්සත් අයර්ලන්තයක් දැකීමට මම කැමතියි” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13:
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය එක්වී එක්සත් අයර්ලන්තයක් බිහිවීම දැකීමට තමන් කැමති බව ප්‍රකාශ කර තිබේ.

අයර්ලන්ත ජනරජයේ සංචාරයක නිරතව සිටියදී ජනධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇති අතර අයර්ලන්තය එක්සත් වීම අවසානයේ සිදුවනු ඇති බව තමන් විශ්වාස කරන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබින.

එය කෙසේ හෝ අනාගතයේ සිදුවීමට නියමිත නම්, “එසේ නම් දැන්ම සිදුවීම වඩා හොඳයි” යන අදහසින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, උතුරු අයර්ලන්තයේ ව්‍යවස්ථාමය තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය එහි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත මත රඳා පවතින අතර, ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරු අයර්ලන්තයේ යුනියනිස්ට් දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය අයර්ලන්තය එක්සත් කිරීම පිළිබඳ දේශපාලන සාකච්ඡාව නැවතත් ජාත්‍යන්තර අවධානයට ලක් කිරීමට ඉඩ ඇති අතර විශේෂයෙන්ම උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය සමඟ රැඳී සිටීමට කැමති Unionist පාර්ශ්ව සහ අයර්ලන්තය සමඟ එක්වීමට සහාය දක්වන Nationalist පාර්ශ්ව අතර දේශපාලන මතභේදය තවදුරටත් උණුසුම් විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...