නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට – ඇමති, විදුලි කප්පාදුවේ වෙනසක් නැහැ – කොමිසම

Date:

කාර්මික දෝශයක් මත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකයේ සිදුවූ බිඳ වැටීම සම්පූර්ණයෙන් අලුත් වැඩියා කර නැවත විදුලි ජනනය ජාතික පද්ධතියට යොමුකරන බව බලශක්ති ආමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසයි.

කෙසේවෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ හටගත් දෝශය යථා තත්ත්වයට පත්කළ ද විදුලි කප්පාදු කරන කාලසීමාවේ වෙනසක් සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය 02 කුත් විනාඩි 20 ක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගෙන යාමට සිදුවනු ඇති බවයි.

මීට අමතරව, ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ පිරවුම්හල් ආශ්‍රිත විමර්ශන දිගටම ක්‍රියාත්මක වන බව ද එම කොමිසම අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...