නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට – ඇමති, විදුලි කප්පාදුවේ වෙනසක් නැහැ – කොමිසම

Date:

කාර්මික දෝශයක් මත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකයේ සිදුවූ බිඳ වැටීම සම්පූර්ණයෙන් අලුත් වැඩියා කර නැවත විදුලි ජනනය ජාතික පද්ධතියට යොමුකරන බව බලශක්ති ආමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසයි.

කෙසේවෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ හටගත් දෝශය යථා තත්ත්වයට පත්කළ ද විදුලි කප්පාදු කරන කාලසීමාවේ වෙනසක් සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය 02 කුත් විනාඩි 20 ක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගෙන යාමට සිදුවනු ඇති බවයි.

මීට අමතරව, ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ පිරවුම්හල් ආශ්‍රිත විමර්ශන දිගටම ක්‍රියාත්මක වන බව ද එම කොමිසම අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...