130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

Date:

ඉන්දුනීසියාවේ පාපන්දු පිටියක් තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත පුද්ගලයන් 130 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ මලංග් නගරයේ කන්ජුරුහාන් පාපන්දු පිටියේ ක්‍රීඩාවේ නිරත වූ කණ්ඩායම් දෙකට සහාය පළකරන රසිකයන් දෙපිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

ක්‍රීඩා පිටිය වෙතට දිව එන පාපන්දු රසිකයන් අතර දරුණු ගැටුමක් හටගන්නා අතර, එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාර දියත් කරන අන්දම ද දක්නට ලැබිණි.

මෙම සිදුවීම සජීවීව පටිගත කළ වීඩියෝපටයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.

මරණයට පත් බොහෝ පුද්ගලයන් දෙපිරිස අතර ඇතිවූ ගැටුමට සිරවී ඔක්සිජන් නොමැතිවීම මත ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙන්නේ, කන්ජුරුහාන් පාපන්දු පිටියේ ඊයේ (01) දින පැවැත්වූ තරඟාවලියේදී තරඟය මෙහෙය වූ අරීමා මලංග් කණ්ඩායම ප්‍රතිවාදී පර්සිබයා සුරාබයා කණ්ඩායම හමුවේ 3 ට 2 ක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අරීමා මලංග් කණ්ඩායමට සහාය ලබා දෙන රසිකයන්ට පමණක් පිටියට ඇතුළු වීමට පොලීසිය අවසර ලබා දී තිබේ.

මිය ගිය පිරිස අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.

තුවාල ලැබූ පිරිස මලංග් නගරයේ රෝහලකට ඇතුළු කර ඇති බව ද වාර්තා වේ.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...