දේශීයව නිපදවන සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන

Date:

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය ආනයනයේදී පනවා තිබූ බදු සියල්ල ඉවත් කර තිබෙනවා. ප්‍රධාන අමුද්‍රව්‍ය 05 ක් සඳහා මෙම බදු සහනය ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම බදු සහනය හේතුවෙන් දේශීය සනීපාරක්ෂක තුවා පැකට්ටුවක උපරිම සිල්ල මිල රුපියල් 260 – 270 අතර පවතිනු ඇති බවයි.

මෙම බදු සහනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් දී ඇති අතර අමුද්‍රව්‍ය ආනයනයේදී මෙම බදු සහනය ලබා ගැනීමට නම් ආනයනකරුවන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නිර්දේශය ලබාගත යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

දේශීයව නිපදවන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ගන්නා අතර මෙතෙක් අයකළ 15% රේගු බද්ද, 10-15% අතර පැවති සෙස් බද්ද සහ 100% ක් වූ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද අහෝසි වේ.

නිමි සනීපාරක්ෂක තුවා ආනයනකරුවන්ටද ශුන්‍ය අනුපාත වැට් බදු සහනය හිමිවන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...