නාමල්ට එරෙහි අල්ලස් නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ආන්දෝලනාත්මක එයාර්බස් ගණුදෙනුවට අදාළ නඩුව අද (18) යළි කැඳවීමට නියමිතයි.

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉකුත් 4 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද නාමල් රාජපක්ෂ අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා ලබා ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ ,මන්ත්‍රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 13 වැනිදා නාමල් රාජපක්ෂ එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...