හිටපු අගමැති Najib Razakට සිය සිර දඬුවමේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ ගත කිරීමට එරට රජුගෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක්ට සිය සිර දඬුවමේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ ගත කිරීමට එරට රජු අවසර ලබා දී තිබේ. බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වී වසර හතරකට පසු, සිරගතව සිටින හිටපු අගමැති නජිබ් රසාක්ට සිය දඬුවමේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ ගත කිරීමට ඉඩ දීමට රජුගේ ප්‍රධානත්වයෙන් යුත් මැලේසියානු සමාව දීමේ මණ්ඩලය එකඟ වූ බව අගමැතිවරයාගේ නීති අංශය නිවේදනය කළේය.

2009 සිට 2018 දක්වා අගමැතිවරයා ලෙස කටයුතු කළ 73 හැවිරිදි නජිබ්, බලයේ සිටියදී තමන් විසින්ම සම-ආරම්භ කරන ලද රාජ්‍ය ආයෝජන අරමුදලක් වන ‘1Malaysia Development Berhad’ (1MDB) ආයතනයට සම්බන්ධ බිලියන ගණනක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු විය.

මෙම නිවාස අඩස්සිය 2028 අගෝස්තු 23 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...