“අභියෝගය මධ්‍යයේ දුම්රිය සේවය පොදු මහජනතාව වෙනුවෙන් රැකගත් ඔබට රජයේත් ජනතාවගේත් ගෞරවය හිමිවෙනවා.” : නි.අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෑතකදී පැවති දුම්රිය වර්ජනය හමුවේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වූ සේවකයින්ට සිය කෘතඥතාව පළ කර ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත පදනම් වූවක් බව පවසන ඔහු, අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවද දුම්රිය ගමන් වාර රැසක් සාර්ථකව ක්‍රියාත්මක කළ බව අවධාරණය කරයි.

මගී ආරක්ෂාව තහවුරු කරමින් ඇතැම් නිලධාරීන් පැය විසිහතරක් පුරා සේවය කර ඇති අතර, ඔවුන්ගේ කැපවීම රජයේ සහ මහජනතාවගේ ඇගයීමට ලක්විය යුතු බව හෙතෙම සඳහන් කරයි.

සීමිත සේවක පිරිසක් යොදාගෙන යාල් දේවී වැනි ප්‍රධාන දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම මගින් මහජනතාවට සිදු වූ අපහසුතා අවම කිරීමට හැකි වී තිබේ.

මෙම ප්‍රකාශය හරහා වර්ජනය නොතකා රාජකාරියට වාර්තා කළ පිරිස් දිරිමත් කරන අතරම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ශක්තිය ද ප්‍රදර්ශනය කර ඇත.

රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසුවේ,

“මෙය සාමාන්‍ය රාජකාරියක් ලෙස පමණක් සලකා අවසන් කළ නොහැකියි. අසීරු අවස්ථාවක මහජන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වගකීම භාරගත් නිලධාරීන් සහ සේවකයන් පැහැදිලිවම ඇගයීමට ලක්විය යුතුයි. ඔවුන්ට සමස්ත රජයේත්, දුම්රියෙන් ගමන් කරන ජනතාවගේත් ගෞරවය හිමිවිය යුතුයි. අප්‍රතිහත කැපකිරීමට ස්තූතියි. අභියෝගය මධ්‍යයේ දුම්රිය සේවය පොදු මහජනතාව වෙනුවෙන් රැකගත් ඔබට රජයේත් ජනතාවගේත් ගෞරවය හිමිවෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...