සටහන – රුවන් නෙළුගොල්ල
සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යය කර තිබේ.
ඒ අනුව එසේ ආසන පටි නොපළඳින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම නීතිය මීට වසරකට පෙර පැනවූ අතර නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොඑවූ පැරණි වාහන සඳහා ආසන පටි සවිකරගැනීමට මේ දක්වාම සහන කාලයක් ලබාදී තිබිණි.



