පසුගිය ආණ්ඩු සමයන්හි මහජන මුදල් කොල්ලකෑ සියලුම දෙනාටම වත්මන් ආණ්ඩුව යටතේ දඬුවම් කරන බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.
“මේ ගොදුරු බිමේ කරළියට ඇවිල්ලා මේකෙ රජ කරන්න, මහජන මුදල් යළිත් කොල්ලකන්න, ඉඩ තියන්නෙ නෑ. ඒකට මේ රටේ ජනතාව තිත දුන්නා. අපි ඒ අයට කියනවා අසාර්ථක උත්සාහයන් කරන්න එපා. අපි පහුගිය මැතිවරණයේදීත් කිව්වා, මේක ඒගොල්ලන්ට ව්‍යසනයක්. දැන් සියල්ලට දඬුවම් කරමින් යනවා. ඒ නිසා ඒගොල්ලො දැන් තේරුම් අරන් ඉන්නවා දැන් තමයි එකම කොටේ අපි නැගලා යන්න ඕනෙ කියන කාරණය. අපි කියනවා යන්න, සියලු දෙනාටම සිද්ධ වෙන්නෙ එක්කෝ තමන්ගෙ අතින් වෙඩිතියාගෙන මියන්න, එක්කෝ තමන්ගෙ අතින් ගෙළට තොණ්ඩුව දාගෙන මියයන්න. කරන්න දෙයක් නෑ, අපේ බලවත් ශෝකය සහ බලවත් කණගාටුව”
රන්ජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ ඊයේ කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



