කෑගල්ලේ හෝටලයක වෙඩි , දෙදෙනෙකුට තුවාල : සේවකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

කෑගල්ලේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

හෝටලයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් සහ එහි සේවකයින් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

පොලිසියට අනුව, එම ආරවුල අතරතුර හෝටල් සේවකයෙකු විසින් වායු රයිෆලයකින් (air rifle) වෙඩි තබා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීම සිදු කළ බවට චෝදනා ලැබූ හෝටල් සේවකයා අදාළ වායු රයිෆලය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...