ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත තාක්ෂණ ප්‍රදර්ශනය NSBM Green Future Expo 2026 සාර්ථකව ඇරඹේ…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත තාක්ෂණ ප්‍රදර්ශනය වන NSBM Green Future Expo 2026 ඊයේ (18) උදෑසන NSBM ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා නවීන තාක්ෂණය වැළඳගැනීමේ සහ අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගැනීමේ වැදගත්කම ඔහු එහිදී අවධාරණය කළේය.

NSBM හරිත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය තිළිණි ද සිල්වා මහත්මිය විශේෂ අදහස් දක්වමින්, තිරසාරභාවය, නවෝත්පාදනය සහ වගකීම් සහගත තාක්ෂණික දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා NSBM හි අඛණ්ඩ කැපවීම සිහිපත් කළාය.

එසේම, අධ්‍යාපනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව හරහා හරිතවත් සහ තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලය දරන උත්සාහය ඇය පෙන්වා දුන්නාය. NSBM හරිත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ පීඨාධිපතිනි ඈන් පතිරානගේ මෙනවිය විසින් තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.

තරුණ පරපුර නැගී එන තාක්ෂණයන් සහ අනාගත අවස්ථා සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව MTV/MBC හි විකුණුම් සාමාන්‍යාධිකාරී රොෂාන් වටවල මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රදර්ශනයට සහභාගී වන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ. තරුණ පරපුර නව තාක්ෂණය, තිරසාර විසඳුම් සහ අනාගත අධ්‍යාපන හා වෘත්තීය මාර්ග සමඟ සම්බන්ධ කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.

NSBM Green Future Expo 2026 ප්‍රදර්ශනය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දිනවල, දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා NSBM හරිත විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. ප්‍රදර්ශන කුටි, අන්තර්ක්‍රියාකාරී දර්ශන සහ කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමුවීමට ලැබෙන අවස්ථා හරහා, අනාගතය හැඩගස්වන තාක්ෂණයන් ගවේෂණය කිරීමට සහ අලුත් අධ්‍යාපන හා වෘත්තීය මාර්ග පිළිබඳ දැනුම ලබා ගැනීමට සිසුන්ට මෙන්මvisitors (නරඹන්නන්ට) මෙයින් මහඟු අවස්ථාවක් සැලසේ.

මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා NSBM Green Future Expo Promo

නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...