Fake News චෝදනාව එල්ලකරමින් CNN ඇතුළු මාධ්‍ය ආයතන තුනකට ධවල මන්දිරයට ඇතුළු වීම ට්‍රම්ප් තහනම් කරයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:CNN, MSNOW සහ Politico යන මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

තම පාලන සමය පිළිබඳව එම මාධ්‍ය ආයතන සිදු කළ වාර්තාකරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් සිකුරාදා දින ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ මේ බව සටහනක් තබා ඇත.

“ව්‍යාජ පුවත් (Fake News) නිරන්තරයෙන් වාර්තා කිරීම හේතුවෙන්, ‘ව්‍යාජ පුවත්’ පතුරුවන CNN, MSNOW සහ Politico යන ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ප්‍රකාශ කිරීමට මම ආඩම්බර වෙමි,” යනුවෙන් ට්‍රම්ප් එහි සඳහන් කළේය.

“එක්සත් ජනපද ජනාධිපතිවරයා, ට්‍රම්ප් පාලනය හෝ එක්සත් ජනපදය පිළිබඳව වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතනවලට නිරන්තරයෙන් මනකල්පිත දේ සහ බොරු ලිවීමට හෝ වාර්තා කිරීමට ඉඩ නොතිබිය යුතුය. තවත් ‘ව්‍යාජ පුවත්’ මාධ්‍ය ආයතනවලට ද ඉදිරියේදී මෙවැනිම පියවරක් ගනු ඇත.”

තවත් මාධ්‍ය ආයතනවලට “ඉදිරියේදී පියවර ගනු ඇත” යන්නෙන් අදහස් කළේ මොනවාදැයි සිකුරාදා පසුව මාධ්‍යවේදීන් විමසූ විට, ට්‍රම්ප් විසින් ‘The New York Times’ සහ ‘The Washington Post’ යන ආයතන “ව්‍යාජ පුවත්” පතුරුවන ආයතන ලෙස නම් කරන ලදී.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ එම ආයතන “අරමුණු සහගතවම සෘණාත්මක පුවත් ලියන” බවයි.

“ව්‍යාජ පුවත් කියවීමෙන් සහ දැකීමෙන් ඔබට දැඩි වෙහෙසක් දැනෙනවා,” ඔහු පැවසීය. “ඔවුන් අරමුණු සහගතවම සෘණාත්මක පුවත් ලියන්නේ රිපබ්ලිකන් පක්ෂය සහ රිපබ්ලිකන් පාලනය දුර්වල කිරීමට උත්සාහ කිරීමේ අරමුණෙනි. ඇත්ත වශයෙන්ම, අපි ඉතා විශිෂ්ට කාර්යයක් ඉටු කර තිබෙනවා.”

දැන් මෙවැනි පියවරක් ගන්නේ මන්දැයි විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ එම ප්‍රවෘත්ති ආයතනවල “සමස්ත” වාර්තාකරණ රටාව ඊට හේතු වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...