බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 :
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බ්‍රසීලයේ ඔක්තෝබර් ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ කරන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් කොංග්‍රස් සාමාජිකයන් පිරිසක් චෝදනා කර තිබේ.

ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 30 දෙනෙකු සහ ස්වාධීන සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඇතුළු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ වෙත ලිපියක් යවමින් ට්‍රම්ප් පරිපාලනයේ බ්‍රසීලය සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීම් ඉල්ලා තිබේ.

එම ලිපියේදී මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ දේශපාලන ක්‍රියාමාර්ග බ්‍රසීලයේ මැතිවරණ පරිසරයට බලපෑම් කළ හැකි බවයි. විශේෂයෙන්ම බ්‍රසීල භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු, ඇතැම් බ්‍රසීල නිලධාරීන්ට එරෙහි සම්බාධක සහ අනෙකුත් පීඩන ක්‍රියාමාර්ග ඔවුන් විසින් ප්‍රශ්න කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එවැනි ක්‍රියාමාර්ග බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට සහ මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසයට බලපෑම් කළ හැකි බවයි. එමෙන්ම, ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග බ්‍රසීලයේ දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝට වාසිදායක වන ආකාරයෙන් ක්‍රියාත්මක වන බවටද ඔවුන් චෝදනා කර තිබේ.

හිටපු බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත් ෆ්ලාවියෝ බොල්සොනාරෝ සහ වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ද තරග කරයි. බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාද මැතිවරණයට විදේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අනතුරු අඟවා ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අභ්‍යන්තර හෝ බාහිර බලවේග මැදිහත් වීමට ඉඩ නොදෙන බවයි.

කෙසේ වෙතත්, ඇමරිකානු රජය බ්‍රසීල මැතිවරණයට මැදිහත් වීමේ චෝදනා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...