රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී තීරණාත්මක බහුතරයකින් සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 158 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව ඡන්ද 63ක් ප්‍රකාශ විය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් කිසිවෙකු නොවීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කරන මෙම සංශෝධනය පිළිබඳව දින දෙකක් පුරා පැවති පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුව මෙම ඡන්ද විමසීම සිදු කෙරිණි.

