හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26:
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාකච්ඡාවලදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ඇමරිකාව විසින් ඉරාන වරායන්ට පනවා ඇති නාවික අවහිරය ඉවත් කිරීම, ඉරාන තෙල් අපනයන සම්බාධක ලිහිල් කිරීම සහ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කොන්දේසි සපුරාලන්නේ නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය දින හතක් ඇතුළත යළි විවෘත කිරීමට ඉරානය යෝජනා කර ඇති අතර ඇමරිකාව යෝජනාව පිළිගත් මොහොතේ සිට දින හතක කාලසීමාව ආරම්භ වන බවයි.

ඉරානයේ යෝජනාවට අනුව, පළමු අදියරේදී ඇමරිකාව ඉරාන වරායන්ට පනවා ඇති නාවික අවහිරය ඉවත් කිරීම සහ ඉරාන තෙල් අපනයන සම්බන්ධ සම්බාධක ලිහිල් කිරීම වැනි පියවර ගත යුතුය. මැදපෙරදිග, විශේෂයෙන් ලෙබනනය ඇතුළු ප්‍රදේශවල සටන් විරාමයක් පවත්වා ගැනීමද යෝජනාවේ කොටසක් බව වාර්තා වේ.

ඉන් අනතුරුව හත්වැනි දිනය වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීමට ඉරානය සූදානම් බව අරග්චි පවසා තිබේ. එම ක්‍රියාවලියෙන් පසුව ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අත්හිටුවා ඇති සාකච්ඡා යළි ආරම්භ කිරීමටද යෝජනා කර ඇත.

මෙම යෝජනාව කටාර් ඇතුළු මැදිහත්කරුවන් හරහා ඇමරිකාව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් කර ඇති අතර දෙපාර්ශ්වය අතර සෘජු නොවන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරද සිදුවෙමින් පවතී.

හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයකි. යුද්ධයට පෙර ලෝකයේ වෙළෙඳ තෙල් හා ගෑස් ප්‍රවාහයෙන් සැලකිය යුතු කොටසක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බැවින්, එහි නාවික ගමනාගමනයට ඇති බාධා ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළටද බලපෑම් එල්ල කර තිබේ.

කෙසේ වෙතත්, ඇමරිකාව මෙම යෝජනාව පිළිබඳව තවමත් අවසන් තීරණයක් ප්‍රකාශ කර නොමැත. දෙරට අතර ප්‍රධාන මතභේදයක් වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා ආරම්භ කළ යුතු අවස්ථාව සහ ඒ සඳහා ඉටු කළ යුතු පූර්ව කොන්දේසි පිළිබඳවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...