අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද (02) පෙරවරු 09.30 ට එම කොමිසම වෙත පැමිණෙන ලෙසයි ඒ මහතාට දැනුම් දී ඇත්තේ.

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක් ගැන ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතාව මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවත් සඳහන්.

මීටපෙර සිකුරාදා දිනයන්හි අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ඒකකවලට කැඳවනු ලැබූ හිටපු දේශපාලනඥයින් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ද දක්නට ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...