ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02:
ජපානයේ ස්ථිර පදිංචිය (Permanent Residency) සඳහා විදේශිකයන්ගෙන් අය කරන ගාස්තුව ඔක්තෝබර් 1 වැනිදා සිට 20 ගුණයකින් ඉහළ දමා ඇති බව වර්තා වේ.

ඒ අනුව, මෙතෙක් යෙන් 10,000ක් වූ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම් ගාස්තුව නව සංශෝධනය යටතේ යෙන් 200,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර අයදුම් කිරීමට විදේශිකයන් විශාල පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් ටෝකියෝහි ප්‍රධාන ආගමන කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ඇතැම් අයදුම්කරුවන්ට පැය 7කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවූ බව වාර්තා වේ.

මෙම ගාස්තු වැඩි කිරීමත් සමඟ ජපානයේ විදේශිකයන්ගේ පදිංචිය සම්බන්ධ නීති හා අවශ්‍යතාද තවදුරටත් දැඩි කර තිබේ. ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරුවන්ගේ ආදායම් තත්ත්වය, විශ්‍රාම වැටුප් දායකත්වය සහ ඉදිරියේදී ජපන් භාෂා හැකියාව වැනි කරුණු සම්බන්ධයෙන් නව අවශ්‍යතා හඳුන්වා දී ඇත.

එමෙන්ම, පදිංචි තත්ත්වය වෙනස් කිරීම හෝ පදිංචි කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තුද ඔක්තෝබර් 1 වැනිදා සිට වෙනස් වී ඇති අතර, අදාළ අවසර කාලය අනුව ගාස්තුව යෙන් 10,000 සිට 75,000 දක්වා වෙනස් වේ.

ජපානයේ විදේශික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාවද මෑත වසරවලදී ඉහළ ගොස් ඇති අතර, 2025 අවසානය වන විට එය වාර්තාගත මිලියන 4.12ක් පමණ වූ බව වාර්තා වන අතර මෙම සංශෝධන ජපානයේ විදේශිකයන් සම්බන්ධ ආගමන හා පදිංචි ප්‍රතිපත්තිවල සිදුවන පුළුල් වෙනස්කම්වල කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට යළි ගමන් අරඹන උඩරට මැණිකේ!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...