රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :
මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා නව නල මාර්ගයක් එළීමේ කටයුතු අද (02) ආරම්භ කෙරේ.
මෙම කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මෙම නල මාර්ගය කිලෝමීටර් 21 ක දිගකින් යුක්ත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, එක් එක් ටැංකිය ඝන මීටර් 40,000 ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද ආරම්භ වන බව ඔහු සඳහන් කළේය.


