රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :
බෝගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ආරම්භ වී තිබේ.
මේ වන විටත් රැඳවියන් 100 දෙනෙකු එම ස්ථානය වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පල්ලෙතැන්න මහතා පැවසීය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 1,000ක් පමණ බෝගම්බර බන්ධනාගාරය වෙත තාවකාලිකව මාරු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් 25,000ක් පමණ සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සමස්තයක් ලෙස, දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රැඳවියන් 36,000ක් පමණ රඳවා සිටිති.


