අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අදාළ තවත් අල්ලස් නඩුවකට අදාළව ලිහිල් දඬුවමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන තිබූ මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔක්තෝබර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සේවකයාගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවා දායකයා විසින් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් සිදුකර නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...