වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට ඉඩ නොදුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
“ආණ්ඩුව විදියට අපි රටේ ජනතාවට අවධාරණය කරන්නේ මේ තෙල් මිල වැඩිවෙන්නේ වත්මන් ආණ්ඩුවේ දූෂණ නිසා හෝ වංචා නිසා හෝ නාස්තියක් නිසා නෙවෙයි. මේ තෙල් මිල වැඩිවෙමින් තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළයාමත් යුධමය තත්වය නිසා ඒ ඇතිවී තිබෙන සාමකාමී තත්වය බිඳවැටීම සහ ආනයන ක්‍රියාවලිය ඇතුළෙ ඩොලර්වලින් මිල ඉහළයාම නිසා. එක පැයක්වත් අපි රට ඇතුළේ ඉන්ධන නැතිවෙන්න දුන්නෙ නෑ”
චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සීතාවක ප්‍රදේශයේ නිවසකට මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


