2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ 220 ජනතාව කරපිට පටවා ඇති බදු බර ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබෙන පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමට ගිය අවස්ථවේ දීය.

අප රටේ පොදු ජනතාවගේ සාක්ෂරතාව වැඩි කිරීම වැදගත් බවත් ඒ සඳහා පොත්පත් කියවීම, අධ්‍යාපනික ආයතන හරහා ලබා ගන්නා අධ්‍යාපන⁣ය සේම ස්වයං අධ්‍යාපනය ද අතිශය වැදගත් වුවද අද වන විට පොත් පත් ප්‍රකාශයට පත් කරන ආයතනවලට බරපතල ගැටලු රැසක් ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

වැට් බදු 18% දක්වා පොත් පත් ලිපි ද්‍රව්‍ය මත ඇති නිසා වැට් සේම වැට් සීමාව ද ඉවත් කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.

උපකරණ, මුද්‍රණ ද්‍රව්‍ය හා කඩදාසිවල මිල අධික බවත් ඩිජිටල් සම්බන්ධතාව ඇත්තේ සමාජයේ සුළු පිරිසකට නිසා පොත්පත් සම්බන්ධයෙන් ඇති වැට් බදු රදවා ගැනීමේ බදු ආදිය ප්‍රකාශන ක්ෂේත්‍රයෙන් ඉවත් කර දිරි ගැන්වීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නොවැම්බර් මස 12 වැනිදා අයවැයක් එන නිසා ප්‍රකාශන හා මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා බදු සහන ලබා දිය යුතු බවත් රටේ ජනතාව පවා උග්‍ර බදු බරක සිටින බවත් IMF කියු ප්‍රමාණයට වඩා වැඩි බදු ප්‍රමාණයක් අය කර රාජ්‍ය ආදායම් පවා ඉලක්ක අභිබවා ගොස් ඇති බවත් මේ නිසා අයවැයෙන් බදු සහන දිය යුතු බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශ අනුගමනය කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

එසේම දැනුම කේන්ද්‍රීය ආර්ථිකය මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් මේ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න සිදුවිය යුතු මැදිහත්වීම ආදිය සිදු කළ යුතු බවත් විපක්ෂයේ සිටින විට සේම රාජ්‍ය බලය ලැබූ විට ද ප්‍රකාශන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් යෞවනයන්ගේ දරුවන්ගේ සහ සමස්ත ලක්ෂ 220 ජනතාවගේ සාක්ෂරතාව ගැන සිතා මේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඇති ගැටලුවලට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...