ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන ගමනක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හිමිවන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“බංකොලොත් වෙච්ච රටක් අපි භාරගත්තේ. නිල වශයෙන් බංකොලොත්භාවය හෙළිකරපු රටක්. ඒ වගේම ණය ගෙවීම නිල වශයෙන් අත්හැරලා දාපු රටක්. ඒ දෙකම අපි පියවාගන්න සමත් වෙලා තිබෙනවා. ඊට අමතරව ජනවරමේ තිබුණු ප්‍රධාන ඉල්ලීමක් තමයි නීතිය සහ සාමය, නීතියේ ආධිපත්‍ය පිහිටුවන්න කියන එක. අද ප්‍රමුඛ කාරණයක් බවට පත්කරගෙන තිබෙනවා අපි නීතියේ ආධිපත්‍ය පිහිටුවීම. ඒ වගේම තමයි අපේ රට මේ ව්‍යසනයට ඇද දාපු අපරාධකරුවන්, මංකොල්ලකරුවන් සංවිධිතව අධිකරණය හමුවට පමුණුවන්න කියන එක, අද වෙනකොට මේක ඉතාම ජනතා පැසසුමට ලක්වෙලා තියෙන කාරණයක්. ඒ වගේම තමයි IMF සංවිධානයත් එක්ක බැඳුණු වැඩසටහනක් සමගයි අපි ලංකාව භාරගත්තේ. ලබන වසර වෙනකොට IMF ආයතනයෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. ඒ වගේම තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය වගේම මහා පරිමාණව පැහැරහැරලා තිබුණු බදු නැවත එකතු කරගෙන ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා”

හිනිදුම සුනිල් සෙනවි මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාලනයේ වසර දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...