ඔක්තෝබර් 02, කොළඹ LNW :
අධික බදු බර, ජීවන වියදම, ඉහළ යාම සහ ළමා මන්දපෝෂණය ඇතුළු ආර්ථික දුෂ්කරතාවලට එරෙහිව “ජන අරගල ව්‍යාපාරය” විසින් සංවිධානය කරන ලද “ජන ප්‍රතිරෝධය” මහජන විරෝධතා පාගමන සහ රැළිය ඔක්තෝබර් 03 වනදා කොළඹදී පැවැත්විණි.
ජන අරගල ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කර ඇති ප්‍රචාරක පත්‍රිකා සහ පෝස්ටර්වලට අනුව, පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පදනම් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත:
- ළමා මන්දපෝෂණය සහ බදු බර: අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, හාල්මැස්සන් කිලෝවක් මත පවා රුපියල් 100ක බද්දක් අය කිරීම වැනි පියවර නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙයි.
- ජන ප්‍රතිරෝධයේ ප්‍රධාන ඉල්ලීම්:
- ජනතාව මත පටවා ඇති ජඩ බදු වහා අහෝසි කිරීම.
- අත්‍යවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවාවන් මත පනවා ඇති බදු ඉවත් කිරීම.
- හාල්, පරිප්පු, පොල් ඇතුළු අත්‍යවශ්‍ය බඩුවල මිල වහා පහත හෙළීම.
- ණය බරින් මිරිකී සිටින ජනතාවගේ ණය සහන සැලසීම.
- පොදු ප්‍රවාහනය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීම.
- අවම සහන දීමනාව: පවතින ජීවන වියදමට සාපේක්ෂව පවුලකට මාසිකව ලබාදෙන අවම සහන දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ නැංවිය යුතු බවටද ඔවුන් ඉල්ලා සිටියි.
මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහජනතාවගෙන්, බහුජන සංවිධානවලින් සහ තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ ඔක්තෝබර් 03 වනදා කොළඹට රොක් වී මෙම “ජන ප්‍රතිරෝධය” සඳහා සක්‍රීයව දායක වන ලෙසයි.
ඡායාරූප -: අජිත් සෙනෙවිරත්න















